2020 IPL

2020 IPL : "නැවත දැනුම් දෙන තුරු" ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි




Mumbai IndiansImage copyrightGETTY IMAGES
Image captionඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය

"නැවත දැනුම් දෙන තුරු" ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු 'විස්සයි විස්ස' තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය.
වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව 'ලොක්ඩවුන්' කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.
"අපේ ප්‍රමුඛත්වය ලැuබෙන්නේ ජාතියේ සහ මේ මහඟු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවටයි." ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
ඉන්දීය වැසියන් නිවෙස්වලට සීමා කිරීමෙන් (ලොක්ඩවුන්) අනතුරුව බලපැවැත්වෙන දැඩි නීති යටතේ විවෘතව තැබීමට අවසරය ලැබී ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කෙරෙන වෙළඳසැල් සහ ඖෂධ සැල් සඳහා පමණි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය පැවැත්විය යුත්තේ ඒ සඳහා ආරක්‍ෂිත සහ සුදුසු අවස්ථාව පැමිණි විට පමණක්ය යන එකඟතාවයට සියලු පාර්ශව පැමිණ ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එය නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී නොමැත.



gImage copyrightGETTY IMAGES
Image captionචෙන්නායි සුපර් කිංග්ස් පරාජය කර 2019 වසරේ IPL ශුරතාව දිනා ගත මුබ්මායි ඉන්දියන්ස් කණ්ඩායම

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය. 
එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංග වේ.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ද සහභාගී වීමට නියමිතව තිබුණි. ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගත් බෙන් ස්ටෝක්, ඕවන් මෝගන් සහ ජොස් බට්ලර් ද ඒ අතර විය.
රාජස්ථාන් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.4කට බෙන් ස්ටෝක් මිල දී ගනු ලැබිණි. එමෙන්ම මෝගන්, බට්ලර් සහ ටොම් කුරන්ට දල වශයෙන් පවුම් 500,000ක් බැගින් වටිනා කොන්ත්‍රාත්තු හිමි විය. 
ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජෝෆ්රා ආචර්, රාජස්ථාන් කණ්ඩායමේ කොන්තරාත්තුවෙන් ඉවත් විය. 






  • දිල්ලි කැපිටල් කණ්ඩායම සමඟ අත්සන් තැබූ කොන්තරාත්තුවෙන් ක්‍රිස් වෝක්ස් ඉවත් වූයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට තීරණය කිරීම හේතුවෙනි.
අතිශය උත්කර්ෂවත් වූ මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වුයේ 2008 වසරේදී ය. එවක පටන් සෑම වසරකම මාර්තු සහ ජුනි මාසය අතරතුර එය පැවැත්වුණි. 
2009 වසරේ පැවැත්වුණු IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වූයේ ආරක්‍ෂිත හේතුන් මතය.
ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් 2014 තරඟාවලියෙන් කොටසක් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණි.

  • වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී ඇත්තේ ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වේ.

Comments

Popular posts from this blog

අද්‍යාපන මනෝවිද්‍යාව පිලිබඳ දැනුම ගුරුවරයෙකුට

Sri Lankan student goes to UN to protest school attack: "Sir, I was forcibly brought to my knees and pulled by the ear"

What is love?