2020 IPL
2020 IPL : "නැවත දැනුම් දෙන තුරු" ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න WhatsApp මෙය බෙදාගන්න Messenger යවන්න Image copyright GETTY IMAGES Image caption ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය "නැවත දැනුම් දෙන තුරු" ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු 'විස්සයි විස්ස' තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය. වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව 'ලොක්ඩවුන්' කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. "අපේ ප්‍රමුඛත්වය ලැuබෙන්නේ ජාතියේ සහ මේ මහඟු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවටයි." ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. ඉන්දීය වැසියන් නිවෙස්වලට සීමා කිරීමෙන් (ලොක්ඩවුන්) අනතුරුව බලපැවැත්වෙන දැඩි නීති යටතේ විවෘතව තැබීමට අවසරය ලැ...