මනෝවිද්‍යාත්මක

ඕනෑම අයෙකුගේ ආකර්ශණය,ආදරය ඔබවෙත ලබාගත හැකි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය

ලොව ඕනෑම මිනිසෙකු යමක් කරනුයේ තම අවශ්‍යතාවයක් සපුරාගැනීම උදෙසායි. කවුරුන් හෝ "මම කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේක කරන්නේ" යනුවෙන් සදහන් කර හදවතින්ම යමක් කරයිද, ඔහු හෝ ඇය පිටුපස ඇත්තේත් තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමකි. ඔබ කිසිදු ප්‍රතිඋපකාරයකින් තොරව යමක් කරන්නේනම් ඒ තුල ඇත්තේද, එසේ කිරීමට ඇති කැමැත්ත, ඒ තුලින් ඔබ ලබන සතුට සපුරා ගැනීමේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමේ වක්‍ර උවමනාවකි.

ලොව ඕනෑම අයෙකු තම ජීවිතයේ කුමක් හෝ දෙයක් කරනුයේ මූලික මානසික අවශ්‍යතා 6ක් සපුරා ගැනීම සදහායි. ඔබට යම්කිසි අයෙකුගේ සිත දිනා ගැනීමට අවශ්‍යනම් ඔබ කල යුත්තේ එම අවශ්‍යතා 6 ඔබ තුලින් ඔවුන්ට අපේක්ශිත මට්ටමින් සපුරාදීමයි.

ඒ වගේම ඕනෑම කෙනෙකුගේ ආදරය විවාහය මිත්‍රත්වය හෝ වෙනත් ඕනෑම සම්බන්දතාවක් බිදවැටෙනවානම් එයට හේතුව, පහත කරුනු වලින් එකක් හෝ කීපයක් බිද වැටීම. ඔබට එය නිවරැදිව හදුනාගෙන යතා තත්වයට පත්කර ගන්න හැකි වුනොත් නැවත ඒ ඕනෑම සබදතාවයක් සාර්ථක කරගන්න හැකි වේවි.

මූලික මානසික අවශ්‍යතා

1. සතුට : ඔබට ඔවුන් වෙනුවෙන් සතුට ලගාකරදීමටත් වේදනාවන් හෝ දුක අඩු කර දීමත් කල හැකි බව ඔප්පුකරන්න.

2.වෙනස : සෑම විටම ඔව්න් වෙනුවෙන් අළුත් වෙනස් දෙයක් කිරීමට උත්සාහ කරන්න. ඒකාකාරී නොවන්න.

3. සුවිශේෂී බව : ඔබට ඔවුන් සුවිශේෂී බව දැනෙන්නට ඉඩ හරින්න.

4.ආදරය හා සබදතාවන් : ඔබ ඔවුන්ට ආදරය කරන බව, ඔබ ඔවුන්ට සමීප බව දැනෙන්නට ඉඩ හරින්න.

5. දියුනුව : ඔබ ඔවුන්ගේ ජීවිත වල දියුනුවට උපකාරී වන බව ඔවුන්ට දනවන්න. ඔවුන්ගේ අවශ්‍යතා හොදින් තේරුම් ගන්න. ඒවා වෙනුවෙන් ඔබේ උදවු ලබාදෙන්න.

6.දායකත්වය : ඔවුන්ටද ඔබ වෙනුවෙන් යමක් කල හැකි බව දැනෙන්නට ඉඩ හරින්න. ඔවුන්ගේ උදවු ලබා ගන්න.

ඔබට යමෙකුගේ මෙම අවශ්‍යතා ඔහු හෝ ඇය අපේක්ශිත අයුරින් ඉටුකළ හැකිනම්, ඔවුන්ගේ හදවතෙහි ආකර්ශණය නිරායාසයෙන්ම ඔබ වෙත ආකර්ශණය වේ.
Kavindu vikum dulanjana

Comments

Popular posts from this blog

අද්‍යාපන මනෝවිද්‍යාව පිලිබඳ දැනුම ගුරුවරයෙකුට

Sri Lankan student goes to UN to protest school attack: "Sir, I was forcibly brought to my knees and pulled by the ear"

What is love?