
පියවර අංක 1.
උදෑසන වෙනදාට වඩා පැයක් පමණ කලින් අවදි වන්න. ඔබට එම දවස තුල කරන්නට තිබෙන වැඩකටයුතු පිලිවෙලට කොලයක පැහැදිලිව එකින් එක ලියා ගන්න. කීප වරක් මෙය හොදින් අවදානයෙන් යුතුව කියවන්න.
පියවර අංක 2.
හොදින් වාතය ලැබෙන , තැනක පහසුවෙන් හිද ගන්න, මිනිත්තු 10ක පමන කාලයක්, ඔබට හැකි උපරිම සෙමින් හොදින් පෙනහලු පිරෙන සේ හුස්ම ගැනීමත්, පිටකිරීමත් සිදු කරන්න. මෙය ඔබගේ මනස හා ශරීරය සැහැල්ලු කිරීම වෙනුවෙන් වන අභ්‍යාසයක් මෙය මිනිත්තු කීපයක් කරන විට ඔබට ඔබේ ශරීරයේ යම් වෙනසක් වන බව දැනෙන්නට පටන් ගනීවී. ඔබට සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගනීවී.
පියවර අංක 3.
https://youtu.be/9xZREl5xnhQ මෙම වීඩියෝවේ දැක්වෙන හඬට සවන් දෙන අතර එහි ඕම් යනුවෙන් හඩ නගන විට ඔබත් ඒ සමග ඕම් යනුවෙන් හොදින් රිද්මයානුකූලව හඩ නගන්න. මෙහි ශබ්ද තරංග හරහා අපගේ ශරීරයේ වන විවිද සෛලයන් ඇතුලු අනෙකුත් දේවල් උද්දීපණය වෙනුවෙන්, ලෝකයේ බහුලව භාවිතා වන Singing Bawl හි සැබෑ හඩ පටිගත කිරීමක් ඇතුලත් වෙනවා. එයට සවන් දීම හරහා එහි ශබ්ද තරංග ඔබේ ශරීරය සමග ක්‍රියාත්මක වීමක් සිදුවනවා. මීට අමතරව ඕම් යනු ඈත අතීතයේ සිට බාවිතා කල ඉතා සුවිශේෂී ශබ්ද තරංගයක්. එය මිමිනීම සමග ඔබේ ශරීරය තුලම එයට අදාල කම්පනයන් (vibration) ඇතිවීම සිදුවෙනවා. ඒ හරහා ඔබේ ශරීරයේ වන රසායනිකයන්ගේ යහපත් වෙන්ස් වීම් ඉතා ඉක්මනින් ඵලයායී ආකාරයෙන් සිදුවෙමින් ඔබේ මනසත් ශරීරයත් දවසේ ඉලක්ක සාර්ථ්කව ජය ගැනීම වෙනුවෙන් සූදානම් කිරීමක් සිදුවෙනවා. මෙම හඩපටය අවසන් වෙනතෙක් එම අභ්‍යාසයේ නිරත වෙන්න.
පියවර අංක 4.
ඉහත අභ්‍යාසයෙන් පසු හොදින් ඇස් පියාගෙන , ඔබ උදෑසනම ලියාගත් වැඩ ටික එකින් එක , ඉතා සතුටින්, සැහල්ලුවෙන්, සාර්ථකව ඉටුකරන ආකාරය සිතින් චිත්ත රූප මවමින් දකින්න. අවසානයේ හොද හුස්මක් රැගෙන පිටකර හොදින් සිනා සෙන්න. සිනාමුසු මුහුනින් යුතුව දවසේ වැඩකටයුතු ආරම්භ කරන්න.
මෙයත් සමග ඔබට වෙනදාට වඩා සාර්ථක දවසක් ප්‍රායෝගිකවම අත්විදින්නට හැකියාව ලැබේවි. ඉතින් කරලම බලලා අපිට කියන්න ඔබේ අත්දැකීමත් .
අදහස් Comment කර හැක.
ස්තූති.
Comments
Post a Comment